උතුරු මැද පළාත් නර්තන තරගාවලිය

උතුරුමැද පළාතේ නර්තන තරගාවලියේ බාලක බාලිකා කණ්ඩායම් දෙකම ප්‍රථම ස්ථාන ලබා ගනිමින් සමස්ත ලංකා නර්තන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇත.

සිප් නැනට සවියක්

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ මධ්‍යස නුවරගම් පළාත් අධ්‍යාපන කොට්ඨාසයේ මහමාන්කඩවල විද්‍යාලයට විශාල අඩුවක්ව පැවති ක්‍රිඩා උපකරණ,පාසල් උපකරණ හා සන්නිවේදන උපකරණ පරිත්‍යාග කිරිමේි උත්සවයක් පසුගිය දින පාසලේදි ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතන ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාරචාරිනි කමනි මාතෝටආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා දෙවන වසර සිසුන්ගේ දායකත්වයෙන් සිදු විය. චායාරූප

අනුරාධපුර විලච්චිය සාලියමාලා මහා විද්‍යාලයට සමස්ත ලංකා සිංහල භාෂා තරඟ ජය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ඒකකය විසින් සිංහල භාෂා දින සමස්ත ලංකා තරඟය සංවිධානය කරන ලදී.සමස්ත ලංකා පද්‍ය ගායනා තරගයේ දෙසියට (200)අඩු පාසල් අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා තුන්වන ස්ථානය විලච්චිය සාලිය මාලා මහා විද්‍යාලය දරුවන් දෙදෙනා විසින් දිනාගන්නා ලදි.ප්‍රථම ස්ථානය -13 ශ්‍රේණියේA. M.ෂෙහානි නවෝද්‍යා ශිෂ්‍යාවදෙවන ස්ථානය – 13 ශ්‍රේණියේL.H.ඉෂාරි සෙව්වන්දා ශිෂ්‍යාව […]