සියලුම විදුහල්පතිවරුන් ගේ කාරුණික අවදානයට ….

අපේ කලාපයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහල නංවා ගැනීම සඳහා කලාප කාර්‍යාලය ලෙස අප හැකි උපරිමයෙන් කටයුතු සිදුකරමු.

එහිදී මෙවර දරුවන් සඳහා අදිති වැඩසටහන යටතේ පෙරහුරු විභාග 4ක් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති අතර පිලිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇත. එය අපේ කලාපයේ අපේ ගුරුවරුන් විසින්ම සිදු කිරීමට නියමිතයි . එම ගුරුවරුන් ගේ ලේකනය පහත සඳහන් කර ඇත.
ඔවුන් සඳහා පිලිතුරු පත්‍රය හදුන්වාදීම අඟහරුවාදා ප.ව. 1.00 ට සිදු කිරීමට නියමිතයි.

මෙහිදී එකම පාසලෙන් ගුරුවරුන් කීපදෙනෙකුම කැඳවීම ට සිදුව ඇත. විශේෂයෙන් ප්‍රධාන පාසල් වල. එදිනට ප.ව. 12.45 පමණ සිට එම ගුරුවරුන් නිදහස් කරන ලෙසත් ඉතිරි කාලය තුල (1.30 තෙක්) දරුවන් සඳහා වැඩසටහනක් සංවිධානය කරගන්නා ලෙසත් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

අනෙක් පාසල් වලින් ලේකනයේ සඳහන් ගුරුවරුන් ප.ව. 1 ට නගරයට ලඟා වීමට හැකිවන පරිදි පාසලෙන් නිදහස් කරන ලෙසත් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ අපේ දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහල නංවා ගැනීම සඳහා ඔබතුමන්ලා/ ඔබතුමියන්ලා ගේ සහයෝගය ඉතාම ගෞරවයෙන් අපේක්ෂා කරමි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email