වාර්ෂික ස්ථානමාරු

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් පරිදි කලාපය තුළ හා අන්තර් කලාප ස්ථාන මාරු අයදුම්පත් දැන් කැදවා ඇත. අවශ්‍ය ලේඛන සමග නිවැරදිව සම්පූර්ණ කර අදාල සියලුම ආකෘති පත්‍ර සහිතව 2022/12/01 දිනට පෙර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට වෙත ගෙනවිත් භාර දෙන්න.ස්ථාන මාරු සදහා අවශ්‍ය උපදෙස් සදහා ඇමුණුම පරික්ෂා කරන්න.

නැණ ලොවට පා නගන -හපනුන්ට මඟ කියන<br>“අදිති”

නැණ ලොවට පා නගන -හපනුන්ට මඟ කියන“අදිති” වැඩසටහන යටතේ පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය විලච්චිය හා නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාස තුළ මධ්‍යස්ථාන 12කදි ඉතා සාර්ථක ලෙස 2022-11-09 දින පවත්වන ලදි. මෙම අධ්‍යාපනික වැඩසටහන අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා මැතිණියගේ සංකල්පයක් අනුව අනුරාධපුර කලාපයේ සියළු ප්‍රාළුමික හා ද්විතික පාසල් ආවරණය වන පරිදි සම්පත්දායක විදුහල්පතිවරුන් හා […]