පුංචි අපේ කෙළි පෙළහර

මහනෙළුබෑව විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය, 2023 මාර්තු මස 21 වන දින අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මැතිණියගේ සහ විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පාසල් ක්‍රිඩාංගණයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

ගුරු දරු හරසර

මෙවර පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගය පාදක කරගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයිමේ උත්සවයක් 2023-03-21 වන දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂා මංජරිකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි. මෙහිදි විශේෂයෙන් පාසලේ මුරකරුගේ සිට විදුහල්පති දක්වාම ඇගයිමට ලක්කරන ලදි.