අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවය 2004

අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් ගිනිසිලුව අධ්‍යාපන කොට්ටාස හය දක්වාම රැගෙන යාම ඊයේ (26) දින සියළුම පාසල් වල විදුහල්පතිවරුන් හා සිසුන්ගේ හර සර මැද අභිමානවත් අයුරින් සිදු කරන ලදි.

රඹෑව කොට්ටාසයේ රඹෑව මහ විද්‍යාලයෙන් දල්වන ලද ගිනිසිලුව පිළිවෙලින් මනුප, විලච්චිය , නොච්චියාගම , නාච්චාදූව, නැනුප කොට්ටාස හරහා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය ට රැගෙන එන ලද්දේ ඒ ඒ කොට්ටාස වල දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූ දරුවන් වේ.

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අභිමානවත් ලෙස තැන්පත් කළ ගිනිසිලුව නැවත 29 වනදා සියළුම හරසර මැදි මළල ක්‍රීඩා උත්සවයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන මහජන ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට නියමිතයි.

අධ්‍යාපන කලාපය වෙනුවෙන් ප්‍රධාන සංවිධාන කටයුතු සිදුකලේ ධනුෂ්ක ප්‍රියංකර.

සියළුම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා සියළුම ක්‍රීඩා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ සහයෝගය ශක්තියක් වුනා.

මග දෙපස විඩා නිවන්නට සිසිල් පැන් සපයාදුන් සියළුම පාසල්වල විදුහල්පතිවරුන් , ගුරුවරුන් , දරුවන් හා දෙමාපියන් ට ගෞරවනීය ස්තූතිය

ගමන පුරාවට ආරක්ෂාව සලසා දුන් පොලිස් නිලධාරීන් දෙපළට අපේ ප්‍රණාමය

ගමන් මග පුරාවටම නිවේදනයෙන් සැම දැනුවත් කල ධර්මදාස මහතාට ස්තූතිය

දරුවන් රැගෙන යාමට වාහන පහසුකම් ලබා දුන් ලලිත් මහතාට සහ අනෙක් සියළුම අයට ස්තූතියි

Olympic Torch නිර්මාණය – කලාප අධ්‍යාපන කාර්යාලයේ රොශාන්.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email