“දිවි වරුණ”

අනුරාධපුර අධ්‍යාපන කලාපය මගින් ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ගේ විෂය නිර්දේශයන්ට අදාල වන පරිදි සංවිධානය කරන ලද, දේශීය කර්මාන්ත ආශිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ප්‍රදර්ශනය, “දිවි වරුණ” පසුගිය අගෙෝස්තු මස 18 වන දින ඉතා සාර්ථකව අ/මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පරිශ්‍රයේදී පැවැත්වින.

මෙහි සම්පූර්ණ සංවිධාන කටයුතු සිදුකරන ලද්දේ විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගෙන් හා ගුරු උපදේශවරුන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.

අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් , ගුරු උපදේශවරුන් , ගුරුවරුන් , අනධ්‍යන කාර්යමණ්ඩලය, දෙමාපියන් සියළුම දෙනා දැයේ දරුවන් වෙනුවෙන් එක්ව තම කාලය , ශ්‍රමය හා මුදල් වැය කරමින් මෙම ප්‍රදර්ශනය ඉතා සාර්ථකව නිම කිරීම සඳහා තම දායකත්වය උපරිමයෙන් ලබාදෙන ලදි.

සිසු දරු දැරියන් 3000කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ තිබිණි.

මාධ්‍ය ආවරණය ලබා දුන්නේ අ/ නිවත්තකචේතිය මහා විද්‍යාලයේ මාධ්‍ය සංසදයේ දරුවන් හා අ/ ශාන්ත ජෝසප් මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දරුවන් විසිනි.

ඡායා රූප එකතුව

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email