සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානයට.

අදිති පෙරහුරු විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීම පිලිබදව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන හෙට (අඟහරුවාදා ) ප.ව. 1.00ට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීත් (සිංහල මාධ්‍ය ) විවේකානන්ද සන්තාගාර ශාලාවේදී ත් (දෙමළ මාධ්‍ය 1 පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇති බව සතුටින් දැනුම් දෙමි.
ඒ අනුව පෙර දැනුම් දුන් පරිදි ලේකනයේ සඳහන් ගුරුවරුන් ප.ව. 1.00 වන විට එම ස්ථානයට ලඟාවීමට හැකි වන පරිදි පාසලෙන් නිදහස් කරන ලෙස කාරුණිකව සිහිපත් කරමි.
තවද මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාණවත් මුදල් අප සතුව නොමැති බැවින් පිලිතුරු පත්‍රය පමණක් ගුරුවරුන් වෙත ලබා දීමට කටයුතු යොදා ඇති අතර ඔබේ පාසලෙන් පිලිතුරු පත්‍ර ඇගයීම වැඩසටහන සඳහා එන ගුරුවරුන් ට පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ඔබේ පහසුව සඳහා සිංහල මාධ්‍ය හා දෙමළ මාධ්‍ය ගුරුවරුන් ගේ ලේකනය මේ සමග නැවත යොමු කරමි.

මේ සඳහා ඔබ දක්වන සහයෝගය අගයකරමි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email