අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවය 2004

අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් ගිනිසිලුව අධ්‍යාපන කොට්ටාස හය දක්වාම රැගෙන යාම ඊයේ (26) දින සියළුම පාසල් වල විදුහල්පතිවරුන් හා සිසුන්ගේ හර සර මැද අභිමානවත් අයුරින් සිදු කරන ලදි. රඹෑව කොට්ටාසයේ රඹෑව මහ විද්‍යාලයෙන් දල්වන ලද ගිනිසිලුව පිළිවෙලින් මනුප, විලච්චිය , නොච්චියාගම , නාච්චාදූව, නැනුප කොට්ටාස හරහා අනුරාධපුර කලාප අධ්‍යාපන […]

අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයට රිදී පදක්කමක්

8 වන දකුණු ආසියාතික ක්‍රීඩා උත්සවය නියෝජනය කරමින් කරාතේ තරගාවලියේ රිදී පදක්කමක් දිනාගත් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ සතිශ බන්දුල ශිෂ්‍යයා පිළිගැනීමේ උත්සවය ඊයේ දිනයේ දී, එනම් ජුලි 22 වන දින අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී ඉතාම උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි..

ඔබ සැමට ආරාධනා

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන සව් දන්සැල 2024-06-20වන දින කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වේ.

විදුනියමු වසන්තය 2024

අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයට අනුව අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරු උපදේශක මහත්ම මහත්මීන් සමග කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක මණ්ඩලය මෙවරත් දෙවැනි වතාවටත් සාර්ථකව ලෙස පැවැත් වූ බක්මහ උළෙල විශේෂ අවස්ථා සේයාරූ මතක

“සියපත් යාය”

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සන්තවය සුභසාධක සංගමය විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ දරුවන් සඳහා සංවිධානය කල “සියපත් යාය” මාර්තු 23 දින අනුරාධපුර කූඹිච්චන්කුලම stargate හිදී පවත්වන ලදී…ඉවුම් පිහුම්..අත්කම් නිර්මාණ, ගැයුම් වැයුම් මැද ඉගෙන ගැනීමට දරුවන්ට මෙහිදී අවස්තාව ලබා දෙන ලදී

2023 විද්‍යර්ථ මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක, නායිකා නීල ලාංචන පැලදවීම වීම

විද්‍යර්ථ මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක, නායිකා නීල ලාංචන පැලදවීම වීම 2023/9/18 දින උත්කර්ෂවත් ලෙස ප්‍රවීන ගී පද විචාරක ධම්මික බංඩාර සහ ප්‍රවීන රංගන ශිල්පී සමන්ත කුමාර ගමගේ හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යාක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. චායාරූප https://photos.app.goo.gl/ATNfui4G4LEZDbsZ9

වවුනියාව-උතුර කලාප අධ්‍යාපන කාර්යාලය අප හා අත්දැකීම් බෙදා හදා ගැනීම.

වවුනියාව-උතුර කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, සංවර්ධන අධ්‍යක්ෂතුමිය ඇතුලු 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක සැප්තැම්බර් 14 දින අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණ අප හා අත්දැකීම් බෙදා හදා ගැනීම අපට මහත් ගෞරවයක්….. මේ වසර තුල අප කාර්යාලයට මෙලෙස පැමිණි හතරවන කණ්ඩායම මෙය වීම තුල අප ආ ගමන් මගේ සාර්ථකත්වය පෙන්නුම් කරනවා මෙන්ම තව තවත් යහපත් ලෙස […]

සිසු දරුවන් වෙත ලබා දෙන දිවා ආහාරවේලක්

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන අනුරාධපුර රියෙන්සි අලගියවන්න උපකෘත පාසලේ සිසු දරුවන් වෙත ලබා දෙන දිවා ආහාරවේල මෙවරද සැප්තැම්බර් 14 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ලබා දෙන ලදී.. චායාරූප

“දිවි වරුණ”

අනුරාධපුර අධ්‍යාපන කලාපය මගින් ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ගේ විෂය නිර්දේශයන්ට අදාල වන පරිදි සංවිධානය කරන ලද, දේශීය කර්මාන්ත ආශිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ප්‍රදර්ශනය, “දිවි වරුණ” පසුගිය අගෙෝස්තු මස 18 වන දින ඉතා සාර්ථකව අ/මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පරිශ්‍රයේදී පැවැත්වින. මෙහි සම්පූර්ණ සංවිධාන කටයුතු සිදුකරන ලද්දේ විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගෙන් හා ගුරු උපදේශවරුන් ගෙන් සැදුම්ලත් […]

ඉසිඹුවට අත්වැලක්…..2023/2024

දැයේ මල් කැකුළු වලට, ලෝකයට සුවඳ හලන මලක්ව පිපෙන්නට කියාදී රාජ්‍ය සේවයෙන් ඉසිඹුලන්නට සැරසෙන, අපේ කලාපයේ ආදරණීය ගුරු විදුහල්පතිතුමන්ලාගේ පෞද්ගලික ලිපිගොණුවල කටයුතු යාවත්කාලීන කිරිමටත්, එමගින් විශ්‍රාම ගත් දිනයේ සිට කිසිදු ගැටළුවකින් තොරව විශ්‍රාම වැටුප ලැබීමට හැකි වන ලෙස සියළුම කටයුතු සලස්වා දීමත් අරමුණු කරගනිමින් අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී වැඩසටහන අද […]