ඉසිඹුවට අත්වැලක්…

ඉසිඹුවට අත්වැලක්… 2023/2024 වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරිමෙ විශේෂ වැඩසටහන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලුම කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් …. සුවහසක් දු දරුවන්ගෙ නැණ පහන් දල්වන්නට තම කාලය ශ්‍රමය හා දැනුම උපරිමයෙන් ලබාදී වයස අවුරුදු 60 සම්පුර්ණවිම මත විශ්‍රාම සුවය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ විශ්‍රාම දිවිය සතුටින් ගත කරනු වස් විශ්‍රාම […]

අනුරාධපුර අධ්‍යාපන කලාප ක්‍රීඩා උත්සවය

වසර ගණනාවකට පසු අති උත්කර්ෂවත් අන්දමින් අනුරාධපුර අධ්‍යාපන කලාප ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීමට අපට හැකි විය. පසුගියදා එහි සමාප්ති උත්සවය උතුරු මැද පළාත් ගරු ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජරිකා මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි.

කොට්ඨාස ක්‍රීඩා උළෙල 2023

මෙවර මධ්‍යම නුවරගම් පළාත් කොට්ඨාස ක්‍රීඩා උළෙල 2023-06-15 වැනි දින පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේදි අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.මෙම ක්‍රිඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මැතිණිය සහභාගී විය.මීට අමතරව මධ්‍යම නුවරගම් පළාත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ රාජ් රේනුසියස් මහතා මෙන්ම අනෙකුත් අධ්‍යක්ෂක මහත්ම මහත්මින්ගෙන් ද, අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුගේ […]

“කඩල දන්සැල”

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ “සන්ථවය” කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබු “කඩල දන්සැල”2023-06-05 වන දින අති සාර්ථක ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයේදි පැවැත්වන ලදි.

“කඩල දන්සැල”

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ “සන්ථවය” කාර්ය මණ්ඩලය මඟින් සංවිධානය කරන “කඩල දන්සැල”2023-06-05 වන දින සවස 3.00ට කලාප අධ්‍යාපන කාර්යාලයේදි පැවැත්වේ…. බැති සිතින් ඔබත් පැමිණෙන්න …

ශිල්ප යාත්‍රා පහන් කූඩු තරගාවලිය.

නොච්චියාගම කොට්ටාස අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද ශිල්ප යාත්‍රා පහන් කූඩු තරගාවලිය සඳහා පාසල් වලින් ඉදිරිපත් කර්න ලද නිර්මාණ

විදුනියමු වසන්තය 2023

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් , නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරු උපදේශවරුන් හා අධ්‍යක්ෂතුමන්/තුමියන්ලා සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් විදුනියමු වසන්තය 2023 පසු ගියදා (අප්‍රේල් 30වනදා) අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී, පලාත් පාලන කොමසාරිස්තුමා (හිටපු ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්) රෝයි නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ A.C.K. ප්‍රියංකර මහතාද වැඩසටහන සඳහා සහභාගි විය. සංවිධාන සහය […]

පලමු වසරට පා තැබු නවක ස්වර්ණපාලියන් පිලිගැනිම

අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා ස්වර්ණපාලියන් භාර ගැනීමේ උත්සවය 2023/03/28 වන දින ගරු අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලදී..පලමු වසරට (2023) පා තැබු නවක ස්වර්ණපාලියන් පිලිගැනිම

පුංචි අපේ කෙළි පෙළහර

මහනෙළුබෑව විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය, 2023 මාර්තු මස 21 වන දින අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මැතිණියගේ සහ විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පාසල් ක්‍රිඩාංගණයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

ගුරු දරු හරසර

මෙවර පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගය පාදක කරගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයිමේ උත්සවයක් 2023-03-21 වන දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂා මංජරිකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි. මෙහිදි විශේෂයෙන් පාසලේ මුරකරුගේ සිට විදුහල්පති දක්වාම ඇගයිමට ලක්කරන ලදි.