අපගේ නායකත්වය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය
කලාප අධ්‍යාපන කාර්යාලය
අනුරාධපුර
ශ්‍රී ලංකාවේ හොඳම හා ආදර්ශමත්ම කලාපීය අධ්‍යාපන කාර්යාලය වීම.
ගුණාත්මක හා ධනාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයේ නව්‍ය මායිම් සොයන අතරම මූල්‍ය, භෞතික හා මානව සම්පත් නිසි පරිදි, කාර්යක්ෂමව හා පළදායි ලෙස මෙහෙයවීම තුළින් ගුරුවරුන්, සිසුන් සහ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් ප්‍රජාවටත් ප්‍රශස්ත සේවාවක්, පහසුකම් සහ සත්කාර සැපයීම තුළින් සමස්ත ජාතියේ අනාගත ජයග්‍රහණ සඳහාත් මාවත විවෘත කිරීම.
අධ්‍යාපනය යනු පුද්ගලයන්ගේත් සමාජයේත් ගතිකත්වය හා සංවර්ධනය හැඩගස්වන ප්‍රබලතම බලවේගයකි. විවිධ අභියෝග මධ්‍යයේ වුවද, එය අපේ රටට විශාල ප්‍රගතියක් අත්කර දී ඇති අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දායක වන උගතුන්, වෘත්තීයවේදීන් සහ නායකයන් බිහිකර ඇත.
නව ලෝකයේ අවශ්‍යතා අනුව අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා සිසුන්, ගුරුවරුන්, අධ්‍යාපන නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ ඒකාබද්ධ දායකත්වය අත්‍යවශ්‍ය වේ. එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා විශ්වසනීය තොරතුරු, නව්‍ය අධ්‍යයන අවස්ථා සහ කාර්යක්ෂම සන්නිවේදන පහසුකම් සපයන තාක්ෂණික අත්වැලක් ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.
— මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (ශ්‍රී.ලං.අ.ප.සේ 1)
පාසල් සිතියම
සිදුවීම් දින දර්ශනය
ඉදිරි සිදුවීම්
ඉදිරි සිදුවීම් නොමැත